ගල්ෆ් කලාපය යුද පිටියක් වෙයි - බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යයන්ට යළිත් බිහිසුණු ප්‍රහාර
අද(21) දින අඛණ්ඩව දහවන දිනටත් එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කරමින් හමුදා අණදෙන මධ්‍යස්ථානවලට පහර දී ඇත. ඒ අනුව කෙෂ්ම් දූපත, බන්ඩාර් අබ්බාස් සහ බුෂෙහර් යන ප්‍රදේශවල පිපිරීම් වාර්තා විය.
ඊට පළිගැනීමක් ලෙස ඉරානය ගල්ෆ් කලාපයේ ඇමරිකානු හමුදා වත්කම්වලට පහර දෙමින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර ඇත.
දකුණුදිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඉරානය සඳහන් කරයි.
ඊට අමතරව, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කළේ ප්‍රහාරවලට ලක්වූ නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි.
මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් විසින් සවුදි අරාබිය වෙත නාවික අවහිර කිරීමක් පැනවීමට පියවර ගැනීමත් සමඟ ගල්ෆ් කලාපය තුළ නව යුද පෙරමුණක් නිර්මාණය වී ඇති බව සඳහන්.