වරායට නව ශක්තියක් ලබා දෙමින් ටග්බෝට්ටු දෙකක් කුලියට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Report

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටග්බෝට්ටු දෙකක් වසර පහක කාලයක් සඳහා කුලියට ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ ටග්බෝට්ටු දෙක ලබා ගැනීම සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 17.16ක් වන අතර, ඊට අදාළ බදු සහ ගාස්තු ඇතුළත් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ටොන් 70ක බොලාඩ් පුල් (Bollard Pull) ධාරිතාවයකින් යුත් Twin Azimuth Stern Drive වර්ගයේ මෙම වරාය ටග් යාත්‍රා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

ජුනි මාසයේ උද්ධමනය ඉහළට - සියයට 6.5 සීමාවට ළඟා වෙයි

ජුනි මාසයේ උද්ධමනය ඉහළට - සියයට 6.5 සීමාවට ළඟා වෙයි

මෙම ටග්බෝට්ටු ලබා ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු තුනක් ඉදිරිපත් වී තිබේ.

ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශය මත අවම සුදුසු ලංසුකරුගෙන් වසර පහක කාලයක් සඳහා ටග්බෝට්ටු දෙක ලබා ගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

වාහනයේ වටිනාකමට වඩා තුන් ගුණයක ගාස්තුවක්- වරායේ හිරවූ වාහන 40,000ට වුණ දේ මෙන්න

වාහනයේ වටිනාකමට වඩා තුන් ගුණයක ගාස්තුවක්- වරායේ හිරවූ වාහන 40,000ට වුණ දේ මෙන්න