මීට පස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම්වලට අනිවාර්ය ප්‍රතිපත්තියක්.. රාජ්‍ය සේවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර ඊයේ(20) දින රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ රුවන් සෙනරත් හා එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහිදී රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට නවීන ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව හා සම්බන්ධීකරණය වේගවත් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ කුසලතා වර්ධනය කිරීම මෙන්ම මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ පරිපාලනමය ක්‍රියාවලීන් සරල කිරීම සහ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් මහජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සේවාවන් සපයා දීමේ වැදගත්කම කෙරෙහිද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

තවද මෙහිදී තීරණය කර ඇත්තේ ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සේවා ප්‍රමාදයන් මඟහැරවීමට නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමත්, ඩිජිටල්කරණය පිළිබඳව නිලධාරීන් තුළ පවතින අනිසි බිය ඉවත් කර, ඔවුන් තුළ ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීමත්, නිලධාරීන්ගේ නොදැනුවත්කම හේතුවෙන් සිදුවන සයිබර් ප්‍රහාර සහ දත්ත අවදානම් වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ දැනුම ලබා දීමත් සඳහා වන වැඩපිළිවෙලේ නියමු වැඩසටහනක් ඉතාමත් ඉක්මණින් ආරම්භ ක්‍රියාවට නැංවීමටයි.

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

අඳාළ ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳව උනන්දු කරවීමට මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයක් බවට පත්කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එම විශේෂ සාකච්ඡාවට ඩිජිටල් ආර්ථිකය පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් එක්ව තිබෙනවා.

තත්ත්වය දරුණුයි - රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම මෙම ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන්නැයි මේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

තත්ත්වය දරුණුයි - රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම මෙම ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන්නැයි මේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි