''අනාගත නායකත්වයට මඟ පෙන්වමින්"කොළඹ අල් හිදායා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ වැඩමුළුවක්

By Malith Madushan Jul 21, 2026 12:22 PM GMT
Report

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය, එය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් කොළඹ 10, අල් හිදායා විද්‍යාලයේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අල් හිදායා විද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව විද්‍යාලයේ විදුහල්පතිනි ඒ. එෆ්. සරූක් මහත්මියගේ සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති එස්. එල්. සියාද් අහමඩ් මහතා විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, ක්‍රියාපටිපාටි සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සිසුන් වෙත පුළුල් දැනුවත් කිරීමක් සිදුකර ඇත.

වරායට නව ශක්තියක් ලබා දෙමින් ටග්බෝට්ටු දෙකක් කුලියට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

වරායට නව ශක්තියක් ලබා දෙමින් ටග්බෝට්ටු දෙකක් කුලියට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

එමෙන්ම, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නිලධාරී ඒ. එස්. එම්. යස්රි මහතා විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එය ක්‍රියාත්මක වන ආකාරය සහ ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික උදාහරණ සහිතව සිසුන් දැනුවත් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවති ගැටලු හා සැකසංකා පිළිබඳව විද්වත් මණ්ඩලය සමඟ සාකච්ඡා කර කරුණු පැහැදිලි කර ගැනීමටද සිසුන්ට අවස්ථාව හිමි වී ඇත.

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

වවුනියාවේ ජනතාව බලාසිටි සිහිනය සැබෑ කරමින් පෙරියකට්ටු ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට