එක්සත් රාජධානියේ නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම් - X සටහනක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ඇන්ඩි බර්නම් මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමා ඇත.
එසේම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
ඔහු මෙම සුබ පැතුම් එක් කර ඇත්තේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමෙන් අනතුරුව 'X'ගිණුමේ සටහනක් තබමින්.
ඒ අනුව එම සටහනෙන්, පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී දෙරට අතර පවතින සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, දෙරටේම සහ එහි ජනතාවගේ යහපත උදෙසා එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.
ඉකුත් දශකය තුළ බ්‍රිතාන්‍යයේ 07 වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇන්ඩි බර්නම් ඊයේ (20) දින සිය ධුරයේ වැඩ භාර ගෙන තිබුණා.
ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්
Congratulations to @andyburnham on taking office as the UK's Prime Minister. The UK and Sri Lanka are bound by shared democratic values and a deep, multifaceted partnership. In the face of challenges that unite us, I look forward to working together for the benefit of us all.
— Anura Kumara Dissanayake (@anuradisanayake) July 21, 2026