කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු ඇමති මහින්දගෙන් උපදෙස්

Report

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක අද (21) උදෑසන හටගත් ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබාදී ඇති අතර, ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සේවකයින්ගේ පවුල් වෙත සිය කනගාටුව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

කටුවාන ගින්නට හසු වු පිරිසෙන් 5ක් මරුට - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්

කටුවාන ගින්නට හසු වු පිරිසෙන් 5ක් මරුට - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්

විමර්ශනයේදී ගින්නට හේතු වූ ආසන්නතම කරුණු, කර්මාන්ත ශාලාවේ ගිනි ආරක්ෂණ සහ වෘත්තීය සුරක්ෂිතතා ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබුණේද යන්න මෙන්ම සේවක ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සහ හදිසි අවස්ථාවලදී ඉවත් වීමේ ක්‍රමවේද පැවතියේද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙසද උපදෙස් දී තිබේ.

එමෙන්ම, කර්මාන්තශාලාව කර්මාන්තශාලා ආඥා පනත සහ අදාළ වෘත්තීය සුරක්ෂිතතා නීතිරීතිවලට අනුකූලව කටයුතු කර තිබේද යන්න සහ කිසියම් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුව තිබේද යන්න සොයා බලන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත දැනුම් දී ඇත.

මීට අමතරව, අනතුරුදායක සහ අවදානම් සහිත සේවා ස්ථානවල සේවය කරන ශ්‍රමිකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දිවයින පුරා විශේෂ අවධානයක් යොමු කර පරීක්ෂණ සිදුකරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්-

කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්-