කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු
කොටුව දුම්රිය ස්ථානය අසලින් මාර්ගගත ආකාරයට කුලී ත්‍රීරෝද රථ ලබා ගන්නා පාරිභෝගිකයින්ට මෙන්ම එම ත්‍රීරෝද ධාවනය කරන රියදුරන්ට බාධා පමුණුවන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.
මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ තවදුරටත් කොටුව දුම්රිය ස්ථානය අසල මෙලෙස ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් අනීතික ක්‍රියා සිදු වන්නේ නම් ඒ පිළිබඳව අසල ඇති පොලිස් මුරපොළ දැනුවත් කරන ලෙසයි.
එමෙන්ම මේ පිළිබඳව තොරතුරු ලබා දීමට අවශ්‍යනම් පහත දුරකථන අංකයන්ට ඇමතුම් ලබා දෙන ලෙසද පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති කොටුව – 071 8591560
සහකාර පොලිස් අධිකාරී – 071 8591559