තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට - ඇමති ටී.බී. සරත්

Report

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර සඳහන් කරන්නේ දැනට අත්අඩංගුවේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකරමින් සිටින බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලගදීම රටට අනාවරණය කරන බවද නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර සඳහන් කළේ,

අපි පහු කරේ මිනීමරු යුගයක්. මේ යුගයේ සංඛ්‍යා ලේඛණ අපිට දැන් හමුවෙමින් තියෙන්නේ. සමහර බස් බෝම්බ පුපුරලා තියෙනවා පාලකයෝ දැනගෙන. බෝම්බේ පුපුරපු පාලකයෝ එතනට ගිහින් බලනවා වේදනාව, කඳුල, හඬාවැලපෙනවා. ශානි අබේසේකර තනතුරට එනකොට වැඩියෙන්ම බියවෙලා කෑ ගැහුවේ වරදවල් කරපු අය. ඒගොල්ලෝ දන්නවා තව ටික දවසකින් එළියට එයි වාර්තා, ඒ එනකොට අපි කාටත් හිතාගන්න බැරි දේවල් සිදු කරපු පාලකයන් පිළිබදව හරියට තොරතුරු, දත්ත එළියට එයි.

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

පිල්ලෙයාන්ලා විතරක් නෑ, පිල්ලෙයාන්ගේ ගෝලයොත් දැන් අහුවෙමින් ඉන්නවා. තව ටික දවසකින් පාස්කු ප්‍රහාරයේ මිනීමරුවෝ රටට ගේනවා. දැනටත් විදේශගතවෙලා ඉන්න අය අත්අඩංගුවට ගෙන තියෙනවා.”

නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් කුමාර මේ බව සඳහන් කරනු ලැබුවේ පොලොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.