මග වැරදුණු පුද්ගලයාට සොරෙකු යැයි සිතා ගම්වාසීන් ගහලා video fb දාලා - ඒ ලැජ්ජාවට ඔහු සිය දිවි හානි කරගෙන
පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට ඔහු මංකොල්ලකාරයෙක් යැයි සිතා ගම්වාසීන් විසින් පහරදී ඇති සිදුවීමක් වාර්තාවේ. කොළඹ සිට වැලිමඩ දක්වා බස් රථයක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට බස් රථය තුළ නින්ද යාම නිසා මග වැරදි මෙලෙස ගමන් කරන අතරතුර පහර කෑමට ලක්ව තිබේ.
ඒ අනුව අදාළ පහර කෑමට ලක් වූ පුද්ගලයාට පහර දෙන ආකාරයේ වීඩියෝවක් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ගම්වාසීන් විසින් පළ කර තිබේ. එම වීඩියෝව දැක ලැජ්ජාවට පත් වූ ඔහු සිය දිවි හානි කරගත් බවට වාර්තාා වේ.
මෙලෙස සියදිවි නසාගෙන තිබෙන්නේ, වින්දිත රාමචන්ද්‍රන් පුවනේෂ්වරන් නොහොත් මුරලි නැමති වයස 34ක් වූ පුස්සැල්ලාව රොත්ස්චයිල්ඩ් වතුයායේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ, රොත්ස්චයිල්ඩ් වතුයායට යන අතරතුර ඔහු බස් රථයේ නිදාගෙන අලුයම 2.00ට පමණ රම්බොඩ ප්‍රදේශයෙන් බැස ඇති බවයි.
තමා ගමන් කළ මාර්ගය මගහැරුණු නිසා උදව් පතා දොරට තට්ටු කිරීමෙන් පසුව, ඔහු සොරෙකු යැයි සිතා නිවැසියන් කෑගසා තිබෙනවා. එම ශබ්දය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට දිව ගොස් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා. පසුව ඔහුව ගසක බැඳ කොත්මලේ පොලිසියට භාර දී තිබෙන අතර, ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙන්නේ ඔහු නිර්දෝෂී බවයි.
