මහලොකු රජාණෝ දෙපැත්තෙන් අල්ලගෙන ඇවිදින්නේ..ද්‍රෝහියෙක්ලු, සරත්ට මල පැනලා මහින්ද ගැන හෙළි කරපු ආන්දෝලනාත්මක රහස [VIDEO]

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sarath Fonseka LTTE Leader Sinhala news
By Kaushi Sep 01, 2025 10:16 AM GMT
Kaushi

Kaushi

Report

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මිනුවන්ගොඩ දී නිම කළ ltte යුද්ධ කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ බව කියන සිදුවීම් කිහිපයක් ගැන ආන්දෝලනාත්මක අදහස් දක්වා ඇත.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ,

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

" රජාණෝ උතුමාණෝ දැන් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ල ගෙන ඇවිදින්නේ. ඒ වුණාට තාම ගැම්ම තියා ගෙන අර පරණ කතා කියනවා ආපහු. මම දැක්කා එයා කියනවා සරත් ෆොන්සේකා කියන මිනිහා රටට ආදරේ නැහැලු. එතකොට දෙතුන් පාරක් යුධ පිටියෙ තුවාල ලබලා මරා ගෙන මැරෙන බෝම්බ කාලා මේ රටේ යුද්ධෙ ඉවර කරන්න නායකත්වය දුන්න එකා ද්‍රෝහියෙක්. ඒ රටට ආදරේ නෑ කියලා කියපු එක්කෙනා කරපු දේකුත් මම මෙතනදි එළි කරන්න ඕන. අපි 2009 ‍යුධ හමුදාව තුන් පැත්තකින් පුදුකුඩුඉරිප්පු වට කළා. එතකොට අපිට තව යන්න තිබ්බේ කිලෝමීටර් 10යි. වට කළා උතුරින් බටහිරින් සහ වයබ පැත්තෙන්. දකුණෙන් ආපු සේනාංකේ ගිහින් මුලතිව් ඇල්ලුවා. 2009 ජනවාරි 26 මුලතිව් ඇල්ලුවා. අල්ලලා පැය 12ක් වගෙ ඇතුළත් පුදුකුඩුඉරිප්පුවල කිලෝමීටර් හත අටක් වෙනකල් ලං වුණා දකුණින්. එතකොට 27 වෙනිදා ගෝඨාභය මට කතා කරලා කියනවා දැන් අපි අවුරුදු දෙකකුත් මාස හයක් යුද්දෙ කරලා. මා ගැන පුදුම ආදරයක් ඇති වෙලා කියනවා. සරත් දැන් ඔයා අවුරුදු දෙකහාමාරක් මේක කළා ඔයාට දැන් මහන්සි නැද්ද? පොඩි විවේකයක් ගන්න වව්නියාවේ ඉන්න අර ජගත් ජයසූරිය කියන මිනිහට දැන් ඕක භාර දෙන්නකොලු.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

දැන් අර අවසාන කොඩිය දාන්න අඩි තුනයි හතරයි පයින්න තියෙන්නේ. ජයසූරිය කියන මිනිහා ඇඳ යට බිබී හිටියේ බෝතලේ තියන්. මොකද මම බීම තහනම් කරලා තිබුණේ උතුරු නැගෙනහිරට. එයාට දෙන්න කිව්වා. ඒ වෙනකොට මෙයාල දැනගත්ත ප්‍රභාකරන් සහ පිරිස අනිවාර්යයෙන් විනාශ වෙනවා කියලා. තව යන්න තිබුනෙ කිලෝමීටර් හත අටයි. ඒ විනාසය ප්‍රමාද කරන්න තමයි මට විවේකයක් ගන්න කිව්වේ.....මම කිව්වා බෑ කියලා. කිව්වම ජනවාරි තිස් එක සහ පෙබරවාරි 1 වැනිදා මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් දුන්නා. අපි එපාම කිව්වා. ඒ සටන් විරාමයේදී සංවිධානය වෙලා ltte අපිට ගැහුවා. අපි ජනාධිපතිගේ අණ පිළිපදින්න ඕන මේ පැය 48 දී ඒගොල්ලො අපිට ගහලා මගේ හමුදාව කිලෝ මීටර් පහක් විතර පස්සට ආවා. මගේ සෙබළු පන්සියයක් විතර ජීවිතක්ෂයට පත්වුණා. ඒ සටන් විරාමය දුන්නේ ඇයි ඒ සටන් විරාමය දුන්නේ ප්‍රභාකරන්ට සහ නායකයින්ට පැනලා යන්න. ඔය සුදු කොඩි කතා ඔක්කොම එගොල්ලෝ එකතුවෙලා කරපු ඒවා. අවසානේ උන් ඔක්කොම ඒවා මගේ පිටින් ගහන්න හැදුවා. හැබැයි ප්‍රභාකරන් කියන්නේ නොම්බර එකේ මෝඩයෙක් මිනිහා හිතුවා මේ දවස් දෙකේ ගහලා හමුදාව පස්සට අරින්න පුළුවන් කියලා.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

එතකොට මහින්ද රාජපක්ෂට පුළුවන්නම් ඕන සභාවකට ඇවිල්ල පැහැදිලි කරන්න කියන්න ඇයි ජනවාරි තිස් එක සහ පෙබරවාරි පළවෙනිදා එයා සටන් විරාමයක් දුන්න කියලා ඒ දුන්නේ ඒගොල්ලෝ නායකයන්ට පැනලා යන්න. ඔය 2005 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ltte එක ඩොලර් මිලියන දෙකක් දුන්න කියලා. ඒක 2010 ජනාධිපතිවරණය වෙලාවෙ මාධ්‍යයට ප්‍රකාශ කළා. 2005 කොහොමහරි ජනාධිපතිවරණය දිනුව ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්ද දාන එක නවත්තපු නිසා ඊළඟට මෙයාගේ ඔලුව වැඩ කරේ 2010 ජනාධිපතිවරණය කොහොමද දිනන්නෙ කියලා. අපි ප්‍රභාකරන් ඉවර කරල මේක ඉවර කරොත් දෙමළ ඡන්ද ටික ඔක්කොම අනිත් පැත්තට යනවා කියලා දන්නවා මෙයාට ඕන වුණා ඒක නවත්තගන්න. අපි ඔක්කොම බලාගෙන ඉන්නකොට යුද්දෙ ඉවර කරලා කිරිබත් කන්න මෙයා කල්පනා කරේ ප්‍රභාකරන් මරලා දෙමළ මිනිස්සු මා එක්ක තරහ වුණොත් මම කොහොමද 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කියලා. ඔය මහින්ද රාජපක්ෂගේ මානසිකත්වය " යනුවෙන්.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්