රනිල්ගේ සතිය ඉවරයි දැන් අයිස් සතිය අපිට බොරු චෝදනාත් දාලා - ඇමති නාමල්
මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ කතා කොට අවසන් කර අයිස් සතිය යනුවෙන් මාර්ග සංදර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කරන බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
අද දින පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුමකට අදාළ විවාදයට සහභාගී වෙමින් ඔහු මේ චෝදනාව ආණ්ඩුවට එල්ල කර තිබේ.
මේ වන විට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අයිස් සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කරමින් ආණ්ඩුව තවත් මඩ ප්‍රහාරයක් එල්ල කරමින් මෙම සතිය අයිස් සතිය යනුවෙන් නම් කරමින් මාධ්‍ය සංදර්ශන සිදු කරන බවට ද නාමල් රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කළා . මෙම කන්ටේනර් දෙක වරායෙන් පිටත් කිරීමේදී කිසිදු පරීක්ෂාවට ලක් නොකර බවත් මෙම රසායනික ද්‍රව්‍ය එම කන්ටේනර් වලින් ගියාද කියා සාධාරණ සැකයක් මතුවන බවද හෙතෙම පැවසුවා.

පුතා උදේ යද්දි පන්සලට පඬුරු දාලා ගියේ එයා අනතුර වලක්වා ගන්න උත්සාහ කරා. එයා නරක ළමයෙක් නෙමෙයි- රියැදුරුගේ මව
ආණ්ඩුව ඒවා පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් නොකර මේ වන විට ඒක පාර්ශ්විකව කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ චෝදනා නැගුවා. කිසිම අවස්ථාවකදී තමන් ඇතුළු තම පක්ෂය මෙවැනි දේවල් අනුමත නොකරන බවත් මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිදු කිරීමට කිසි දෙයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ගසමින් සිටින බවටද නාමල් රාජපක්ෂ චෝදනා කරනවා.

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී
මෙම රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙක පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි අංශ පවා දැනුම් දී තිබියදී අදාළ අංශ ඒ ගැන නිසි පරීක්ෂාවක් සිදු නොකර සිටියේ ඇයිද කියාත් නාමල් රාජපක්ෂ චෝදනා කරනවා. මෙම කන්ටේනර් වරායෙන් පිටත් කිරීමට නියෝග කළේ කවුද? කියා දැන්වත් සොයා බලන ලෙසටද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.