රනිල්ගේ ගේ ඉස්සරහම විලාප තිබ්බ හිරුණිකා කන කපා ගත්තේ නැති හේතුව කියයි, උසාවියේ ලයිට් කපපු ප්ලෑනත් වමාරයි [VIDEO]
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇය ලංකාවේ දේශපාලන වේදිකාව තුළ ප්‍රබල නියෝජනයක් සිදු කළ චරිතයක්.
විශේෂයෙන්ම කාන්තා නියෝජිතවරියක් වශයෙන්.
හැබැයි දැනට මාස හයක වගේ කාලෙක ඉඳන් ඇය දේශපාලන වේදිකාව තුළ නිහඬව ගත කරනවා.
ඒත් ඒ නිහඬ බවට තිත තියන්න මේ දවස්වල ලංකා දේශපාලනය තුළ විශාල මාතෘකාවක් වුණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීම සමත් වුණා.
ඒ අනුව ඇය එම අත්අඩංගුවට ගැනීම ගැන ඇගේ යූටියුබ් සමාජ ජාලා ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඇගේ නිහඬ බව අවසන් කරන බව පවසලා තියෙනවා.
හිරුණිකා සහ රනිල් වික්‍රමසිංහ කිව්වම හැමෝටම මතක් වෙන අතීත කතා ගොඩක් තියෙනවනේ. ඒවත් මතක් කරමින් ඇය වීඩියෝව තුළ කියන්නේ තමන් එසේ ක්‍රියා කළත් මේ අවස්ථාවේ විපක්ෂය විදිහට රනිල් වික්‍රමසිංහට සිදුව ඇති දෙයට විරුද්ධව නැගී සිටින බවයි.
ඒ වගේම ඇය තමන් මින් පෙර මහ බැංකු හොරාව සහ බටලන්දේ මිනීමරුවව අල්ලනවා යැයි දේශපාලන ආණ්ඩුවල ඇතමුන් ප්‍රකාශ කළ නිසා රනිල් විකමසිංහ මහතාව දිනකට හෝ අල්ලා සිර ගත කරන්න යනුවෙන් පැවසූ බව ද සඳහන් කළා.
හැබැයි මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ කිසිදු චෝදනාවකට නොවන බව ඇය සඳහන් කරයි.
එසේම රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කළ දේවල්වලින් කිසිවක් වත්මන් ආණ්ඩුව සිදු කර නැති බවත් ඇය කියනවා.
ඒවගේම ඇය කියන්නේ " මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවස ඉස්සරහට ගිහිල්ලා කෑගහපු එක්කෙනා. අදටත් ඔය මීම් හැදෙන්නේ රනිල් කියලා. ඇයි ඒකට හේතුව අපි අරගලේ හිටපු අය විදිහට අපි බලාපොරොත්තු වුණේ ඡන්දයක්. හැබැයි ඒ වෙලාවේ බහුතර ඡන්දෙකින් ඔහු ජනාධිපති වුණා. ඒකට විරුද්ධව අපි එළියට බැස්සා. හැබැයි ඔහු රට ස්ථාවරත්වයට ගත්තා. ඇවිත් අවුරුදු දෙකක් ඇතුළේ ලෝකෙම පිළිගත්තා ඉතාමත් කෙටි කාලයකින් ආර්ථිකය මේ වගේ තැනකට ගේන්න පුළුවන් නායකයෙක් බිහි වෙලා නෑ කියලා. ඔහු ඒක කළා. අදටත් මේ ආණ්ඩුව දුවන්නේ රනිල් වික්‍රමසිංහ ඉතුරු කරපු භාණ්ඩාගාරෙන්. ඔහු ගත්ත තීරණ එක්ක තමා IMF එක එක්ක කටයුතු කරන්නේ. රනිල්ගේ සමහර කාරණාත් එක්ක මම එකඟ නෑ. හැබැයි ඔහුට මේ වෙලාවේ කරපු දේ රනිල් වික්‍රමසිංහට විතරක් බලපාන දෙයක් නෙවෙයි.

රනිල්ට චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, අනුර ජනපතිතුමා අම්මව බලන්න ගිය ඒවට තෙල් ගැහුවෙත් අපේ බදු මුදල්වලින් - සුමනධම්ම හිමි
විධායකය සෙලවෙන දෙයක් මේක. රනිල් විකමසිංහ රටේ රදල පවුලක ඉපදිලා කාලකන්නියෙක් වෙලා මැරිලා ගියේ නෑ ඔහු රටට වැඩක් කළා. මම කිව්වා මාස හයක් ඇතුළත මේ ආණ්ඩුව පෙරළෙනවා කියලා. ගොඩක් අය අහනවා කෝ පෙරළිලා ද කියලා. ඇයි පෙරළිලා නැද්ද? මීට කළින් තිබ්බ ජනතා වරම තාමත් තියෙනවා කියලා හිතනවද? බලන්න පළාත් සභා මැතිවරණයක් එද්දි ඕක තවත් 20% න් 30% න් අඩු වෙනවා. නරියෙක්ව මරන්න ඌරෝ ටිකක් ගෙනත් බෑ. ඒ නිසා වැරදි තැනකට තමයි අත තිබ්බේ මෙතනින් එහාට විපක්ෂේ සියලු කණ්ඩායම් නැගී සිටින්න ඕනේ රනිල් වික්‍රමසිංහ එක්ක මේ වෙලාවේ හැමෝම එකට හිට ගන්න ඕනේ. උසාවිය ඇතුළේ දෙකහාමාරට තුනහාමාරට ඉවර කරන්න තිබ්බ නඩුව රෑ 10 වෙනකල් ලයිට් ඕෆ් කරන් මොකක්ද කළේ. මොකද උදේ ඉඳන් හිටපු අයව හෙම්බන්ත් කරලා රෑ යම් කිසි ප්‍රශ්නයක් වෙන එක නතර කරන්න තමයි ඒ වැඪේ කළේ. "
ඔන්න ඔහොම වීඩියෝවක් දාලා හිරුණිකා යූටියුබ් සුදාගේ ප්‍රකාශයටත් චෝදනා කරන ගමන්ම කිව්වේ තවදුරටත් නිහඬව හිඳ පළක් නැති බවයි.
ඒ කියන්නේ නැවත හිරුණිකා දේශපාලන වේදිකාවල කෑගසනවා හඬ අවදි කරනවා කොයි කාටත් නැරඹිය හැකි බවයි.