කොලඹ කොටස් වෙළෙඳපොළ පහලට
අද (09) දිනයේ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම පහත වැටුණු බව වාර්තා වේ.

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී
එමෙන්ම දෛනික වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වූ පසු සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 231.72 කින්, එනම් සියයට 1.11 කින් පහළ ගොස් ඒකක 20,674.11ක් ලෙස දිනය අවසන් වී ඇත.
තවද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද ඒකක 60.23 කින්, එනම් සියයට 1.01 කින් පහළ ගොස් අවසන් වූයේ ඒකක 5,895.13ක් ආකාරයටය. අද (09) දිනයේ වාර්තා වූ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 9.04ක් වන අතර කොටස් පරිමාව කොටස් 237,575,013ක් බව වාර්තා විය.
