බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දෙයි
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන "බැකෝ සමන්" සහ "තැඹිලි ලහිරු" යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී
පොලිස් කොට්ඨාසය විමර්ශන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති අතර සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.
මහෙස්ත්‍රාත්වරයා කරුණු විමසා බැලීමෙන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කර ඇත.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ
