ඔයාලා පටලන් ඉන්නේ විශේෂ ගුවන් යානයක් වෙන් කරන් රට ගිය එකයි අනුර මළ ගෙදරක ගිය එකයි දෙකක්, ඒක රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන් නෑ, පැටලුම් ලිහන්න ට්‍රයි කරන විජිත [VIDEO]
ජනාධිපතිවරයා ලංකාව තුළ මළ ගෙදරක යෑම සහ විශේෂ ගුවන් යානයක් වෙන්කර විදෙස්ගත වීම සැසඳීම යන වැරදි බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයකට රාජ්‍ය දේපළ අවභාවිත කළේ යැයි නඩු පැවරුව ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක නිල රථ සහ ආරක්ෂකයන් සමග තම මව බැලීමට මෙන්ම මළ ගෙවල්වලට පවා සහභාගී වනවා යනුවෙන් නැගූ ප්‍රශ්නයකටයි.
එහිදී ඇමතිවරයා විසින් රාජ්‍ය සේවකයන්ට පවා සිය රාජකාරී වාහනය පෞද්ගලික කටයුතුවලට භාවිත කළ හැකි ක්‍රමවේද චක්‍ර ලේඛ මගින් ලබා දී ඇති බව පැවසුවා.
එසේම ඔහු තවදුරටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු දේපළ අවභාවිත කළ බවට ලද පැමිණිල්ලක් අනුව එම නීති කටයුතු ක්‍රියාත්මක බවත් ඊට ආණ්ඩුවේ මැදිහත් වීමක් නැති බවත් ප්‍රකාශ කළා.
