පද්මේ ඇතුළු පිරිස රත්වුණු ජකර්තා මෙහෙයුමේ නොදුටු දර්ශන ටික මෙන්න [VIDEO]

Report

ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ රූපරාමු පෙළක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර ඇත.

ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා රූපරාමු 'අද දෙරණ'ට ලැබී ඇත. කෙහෙල්බද්දර පද්මේ, කුඩු නිලංග, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, තැඹිලි ළහිරු ජකර්තාවේ සුපිරි මහල් නිවාසයක සැඟවී සිටියදී, මෙරට පොලිස් තොරතුරු මත ජකර්තා පොලිසිය හා ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙරටින් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් වන රොහාන් ඕලුගල හා සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන මහත්වරුන් විසින් ලබාදුන් තොරතුරු අනුවය.

එම මෙහෙයුම සඳහා ජකර්තා මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය හෙවත් ජටන්රාස් හා ජාත්‍යන්තර පොලීසියේ සහායද හිමිවුණි.


මෙහෙයුම සඳහා ජකර්තා මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය හෙවත් ජටන්රාස් හා ජාත්‍යන්තර පොලීසියේ සහායද හිමිවුණි. ඉන්දුනීසියාවේ ජකර්තා හී කෙබොන් ජෙරුක් ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි මහල් නිවාසයේ අදාළ පිරිස සැඟව සිටින බවට සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පොලීසිය අනාවරණ කරගනු ලැබීය. ඒ අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙරට පොලිස් නිලධාරීන් දෙදෙනා අනාවරණ කරගෙන ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ නිතර නිතර මෙම කායවර්ධන මධ්‍යස්ථානයට ද පැමිණෙන බවය. 

ඒ අනුව, සැලසුම් කළ මෙහෙයුමකදී කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු නිලංග මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබීය. මෙහිදී, මෙරට පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සිටි නමුත්, විදේශීය රටකදී අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බැවින්, ඔවුන් තොරතුරු ලබාදීම පමණක් සිදු කළහ.

කෝටි ගණනක අයිස් රසායනික තොග - රේගුවෙන් ලිස්සා ගියේ කෙසේද? පරීක්ෂණ ඇරඹේ

කෝටි ගණනක අයිස් රසායනික තොග - රේගුවෙන් ලිස්සා ගියේ කෙසේද? පරීක්ෂණ ඇරඹේ

පසුව, කුඩු නිලංග රැගෙන විදුලි සෝපානයෙන් අනෙක් පිරිස සිටි මහලට ගිය ජකර්තා පොලිස් නිලධාරීන්, කමාන්ඩෝ සලින්ත ආහාර පිළියෙල කරමින් සිටියදී අත්අඩංගුවට ගත්හ. ඉන්පසු බැකෝ සමන් සහ සරමක් හැඳ සිටි තැඹිලි ළහිරුද අත්අඩංගුවට ගනු ලැබීය.

බැකෝ සමන්ගේ බිරියගෙන් ජකර්තා පොලිසිය විසින් ප්‍රශ්න කිරීම් සිදු කරන ලදී. අත්අඩංගුවට ගත් පිරිස ජකර්තා මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත රැගෙන යන ලද අතර, දින කිහිපයක් එහි රඳවා සිටි පසු ඔවුන් දිවයිනට රැගෙන එනු ලැබීය.

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

පිවිතුරු හෙළ උරුමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් එළියට

පිවිතුරු හෙළ උරුමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් එළියට