අද මහවැස්සට ප්‍රදේශයක් ජලයෙන් යට වේ
By Mithu
අධික වර්ෂාව හේතුවෙන් අද (09) පස්වරුවේ මහනුවර, කටුගස්තොට පාරේ මහයියාව ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.
මහනුවර නගරය සහ අවට ප්‍රදේශවලට පැයක පමණ කාලයක් ඇද හැලුණු වර්ෂාව නිසා මේ තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් වාහන අලෙවි සැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලටද ජලය ගලා ගොස් තිබූ බවයි අප පවසන්නේ.
දිවයිනේ තැනින් තැන ඇතිවන කාලගුණික වෙනස්වීම් මට ප්‍රදේශ කිහිපයකටම අකුණු සහිත වැසි ලැබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඒ පිළිබඳව දැනුවත්වීම සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.