ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය පොත තුළ සගවන වීඩියෝව එළියට [VIDEO]
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ලැබී ඇත.
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය වූ අතර එම අපරාධය සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස සගවමින්ය.
එහිදී එම පිස්තෝලය පොත තුළට දමා නොපෙනෙන සේ සකසන ආකාරය වීඩියෝ පටයේ දැක්වේ.
එහිදී කල විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට දින කිහිපයකට පෙර යම් කිසිවෙක් මෙම රූගත කිරීම සිදුකොට කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති බව වාර්තා වේ.
