චීනයේ උත්සාහය නවත්තන්න තායිවානය අරමුදල් වෙන් කරලම වැඩේට අත ගහයි
තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ කලාපීය රටවල් සමඟ නව සබඳතා ඇති කර ගැනීමට ලතින් ඇමරිකානු සහ කැරිබියන් කටයුතු දෙපාර්තමේන්තුවට අමෙරිකානු ඩොලර් මිලියන 174.15 මුදල් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ඒ අනුව විදේශ අමාත්‍ය Lin Chia-lung මඟින් ඉකුත් මැයි මාසයේදී දියත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික මිත්‍ර සෞභාග්‍ය ව්‍යාපෘතිය ඔස්සේ මිත්‍ර පාක්ෂිකයින්ගේ ආර්ථික සංවර්ධනයට සහ කාර්මික පරිවර්තනයට සහාය වීමට අයවැයෙන් කොටසක් භාවිතා කිරීමට එම අමාත්‍යංශය සැලසුම් කරන බවයි අඳාළ මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
එමෙන්ම තායිවානය රාජ්‍ය තාන්ත්‍රික නොවන හවුල්කරුවන් සමඟ සහයෝගීතා ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් යොදවන බව පවසයි.
එබැවින් ආගන්තුක දූත පිරිස් වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමේ වියදම් ද මෙම අයවැයට ඇතුළත්ව ඇත.
එසේම තායිවාන මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදී එළඹෙන වසරේ ලතින් ඇමරිකාවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 330ක් පිළිගැනීමට තායිවාන විදේශ අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ තායිවානයේ මිත්‍ර රටවල් දඩයම් කිරීමට සහ රාජ්‍යතාන්ත්‍රික නොවන රටවල එහි ඉඩ සීමා කිරීමට චීනය දරන උත්සාහයට විරුද්ධව මෙම පියවර ඉලක්ක කර තිබෙන බවයි.
