නාමල් රාජපක්ෂ ඝාතන සැලැස්මක්? පාතාලේ නම දාලා නාමල්ව මරයිද සාධාරණ සැකයක් - සාගර කාරියවසම්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා "නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා මත්ද්‍රව්‍ය සම්බන්ධ වර­ද­කට ඈදාගෙන රජයේ පාර්ශ්ව­යක් මගින්ම ඔහුගේ ජීවි­ත­යට යම්කිසි හානි­යක් කර පසුව එය පාතාලේ අතර ප්‍රශ්න­යක් හැටි­යට හුවා දක්වන්න උත්සා­හ­යක් ද යන සාධා­රණ සැක­යක් තිබෙ­නවා.” ලෙස පැවසුවේය.

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ මෙය ” මෙය ඉතාම භයා­නක කුම­න්ත්‍ර­ණ­යක කොට­සක් විය හැකි බව මේ රටේ ජන­තා­වට කියා සිටි­නවා.” ලෙසයි.

ඔහු එහිදී මතක් කර සිටියේ දැඩි තද­බ­ද­යක්ව තිබු කොවිඩ් කාලයේදී හෝ එක් රතු ලේබල් සහිත කන්ටේ­න­ර­යක් වත් පරීක්ෂා නොකර රේගු­වෙන් නිද­හස් නොකළ බව ඔහු පවසයි.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ,

“මේ රටේ ඉති­හා­සයේ දරු­ණුම, භයා­නක චෝද­නාව ලෙස කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව රතු ලේබල් සහිත කන්ටේ­නර් 323ක් නිද­හස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තද­බ­දය තිබූ කාල­සී­මාව තමයි කොවිඩ් කාල­සී­මාව. ඒ කාල­සී­මා­වෙ­වත් එක රතු ලේබල් සහිත කන්ටේ­න­ර­ය­ක්වත් පරීක්ෂා කිරී­ම­කින් තොරව නිද­හස් කිරී­මක් රේගුව විසින් සිදු කර නෑ. ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට රේගුවේ බොරු තද­බ­ද­යක් මවලා කියලා දැන් කතාව තිබෙන්නේ.

එවැනි තද­බ­ද­යක් ඉන්පසු තිබු­ණෙත් නෑ. ඊට කලින් තිබු­ණෙත් නෑ. රේගු නිල­ධාරි සංග­මය ප්‍රකාශ කරන්නේ කිසි­සේත්ම නිද­හස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහා­ලුම් 323ක් නිද­හස් කළ බවයි. ඒ විත­රක් නොවේ, 323ට අම­ත­රව ඒ ආසන්න කාල­සී­මාවේ තවත් මෙවැ­නිම වූ ආකා­රයේ රතු ලේබල් සහිත කන්ටේ­නර් විශාල ප්‍රමා­ණ­යක් නිද­හස් වී ඇති බව කිය­නවා. අර්චුනා මන්ත්‍රී­තුමා පාර්ලි­මේ­න්තුවේ ප්‍රකාශ කර සිටියා.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

මේ කන්ටේ­න­ර්වල ප්‍රභා­ක­රන්ට ලංකා­වට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණා කියලා. ඊට අම­ත­රව මත්ද්‍රව්‍ය, තහ­නම් ද්‍රව්‍ය සහ මුදල් මේ කන්ටේ­න­ර්වල තිබුණා කියලා විවිධ සැක සංකා මතු වුණා. අපි මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් කර තිබෙ­නවා. නමුත් අද වන­තුරු එයට පිළි­තු­රක් නෑ. නමුත් මේ ඊයේ පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වන්න අමු­ද්‍රව්‍ය ගෙනාවා කියන කන්ටේ­න­ර­යක් සම්බ­න්ධ­යෙන් පොලී­සිය ඉතා ඉක්ම­නින් මැදි­හත් වී ප්‍රකාශ කර සිටි­නවා, මේ කන්ටේ­න­රය අර කන්ටේ­නර් 323ට අයත් නොවන බව. ඒ සම්බ­න්ධ­යෙන් ඔවුන් ඉතා හොඳින් දැනු­ම්වත්. නමුත් ඒ තොර­තුරු රටට හෙළි නොකර සඟවා සිටින්නේ ඇයිද කියන කාර­ණය සම්බ­න්ධ­යෙ­නුත් ඉතාම දැඩි ප්‍රශ්න­යක් උද්ගත වී තිබෙ­නවා.

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්

ඇඳිරි නීතිය බිඳිමින් නේපාලයේ Gen Z ගිනි තබයි - දේශපාලකයින්ගේ නිවාස ගිනිබත්