බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

Report

ඇල්ල බස් රථ අනතුරේ රියදුරු බස් රථයක් ධාවනය කර ඇත්තේ දෙවැනි වතාවට පමණක් බවත් මේ තත්ත්වයන් මත බස් රථ රියදුරු බලපත්‍ර ලබාදීමට නව යෝජනාවක් තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළා.

ඒ අද පාර්ලිමේන්තු දීයි.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

ඒ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඇල්ල බස් රථ අනතුරේ රියදුරා මීට පෙර ධාවනය කර ඇත්තේ කුඩා වර්ගයේ ලොරි පමණක් බවත් ඔහු බස් රථයක් ධාවනය කර ඇත්තේ මෙම අනතුරට පත් වූ අවස්ථාව වන දෙවැනි අවස්ථාවට බවත් ය.

එනිසා පාර්ලිමේන්තුවේ අද දින පැවති විවාදයට ඵක් වෙමින් ඔහු විසින් වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයින්ට පමණක් බස් රථ රියදුරු බලපත්‍ර ලබාදෙන ලෙස ආණ්ඩුවට යෝජනා කර ඇත.

එසේම එහිදි ඔවුන් විවාහයට පත් වී තිබෙනවාද යන සාධකයද සැලකිල්ලට ගන්නා ලෙසට ද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

එසේම වගකීම් දරණ පුද්ගලයින්ට පොදු ප්‍රවාහනයේ ජීවිත විශාල සංඛ්‍යාවකට වගකියන බස් රථ රියදුරකු වශයෙන් වගකීමෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස සඳහන් කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

තවද ඔහු දැක්වූයේ වර්තමානයේ සිටින බස් රථ රියදුරන් හුඟ දෙනෙක් තරුණයින් බවත් ඔවුන් කණේ ෆෝන් එක ගහගෙන කිසිදු වගකීමකින් තොරව රිය ධාවනය කරන බවත් අනතුරු බහුලවීමට හේතුව ඔවුන්ගේ නොසැලකිල්ල බවත් ය.

එබැවින් මේ තත්ත්වයන් මත රියදුරු බලපත්‍ර බස්රථවලට ලබාදීමේ දී ආණ්ඩුව මේ කාරණා පිළිබඳව දැඩිව අවධානය යොමු කරන මෙන් ඔහු ඉල්ලා ඇත.

මේ අතර දැනට බර වාහන ,ලොරි කන්ටේනර් ,වැලි ටිපර් ධාවනයට දහවල් කාලයේ යම් යම් සීමා පැනවීම අසාර්ථක බවත් ඉකුත් යහපාලන ආණ්ඩුව කාලයේදී මෙන් සවස 6.00 සිට උදේ6.00 දක්වා රාත්‍රී කාලය තුළදී පමණක් එම බර වාහනවලට අවසර ලබා දෙන ලෙසත් දවල්ට එම වාහනවලට අවසර ලබාදීම ප්‍රයෝගිකව අසාර්ථක බවත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. 

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල