කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල ගැන මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්
By Kaushi
අනිද්දා (11) දින සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල පරිශ්‍රය වසා තැබෙන බව වාර්තා වේ.
ඒ නවීකරණ කටයුතු හේතුවෙන් බව සඳහන්.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ එම කටයුතු අවසන් වනතුරු බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස්රථ ධාවනය කෙරෙන බවයි.
එසේම මෙම ස්ථානවල තාවකාලික බස් නැවතුම්පොළවල් පිහිටුවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති අතර, මගීන්ට අවම අපහසුතාවයකින් බස් රථ සේවා ලබා ගැනීමට හැකි වන ලෙස ද සැලසුම් කර ඇත.
මේ අතර මධ්‍යම බස් නැවතුම්පොළ තාවකාලිකව වැසීම හේතුවෙන්, දිනපතා මගීන්ට යම් බලපෑමක් ඇති විය හැකි බව ද දැනුම් දෙයි.
විශේෂයෙන්, බස් රථ ධාවන කාලසටහන්වල යම් වෙනස්කම් හෝ ප්‍රමාදයන් ඇති වීමට ඉඩ ඇති බැවින්, ගමනාගමන මණ්ඩලය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම ගමන් සැලසුම් කිරීමේදී මෙම වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.