විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මාස 7ක් ඇතුළත රුපියල් මිලියන 488 ක් වංචා කරලා
මෙම වසරේ මුල් මාස හත ඇතුළත විදේශ රැකියා පැමිණිලි 662 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබෙන අතර එහි මූල්‍යමය අක්‍රමිකතාවල වටිනාකම රුපියල් මිලියන 488ක් බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා වෙනුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රයි.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ
මීට අදාළ ප්‍රශ්නය යොමු කළේ අරවින්ද සෙනරත් මන්ත්‍රීවරයයි. ඔහු විමසා සිටියේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ඇතැම් ආයතන ව්‍යාජ අන්දමින් ජනතාව රවටමින් මුදල් වංචා කරන බවයි.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිලිබඳව මන්ත්‍රීවරයා විමසීමක් සිදුකළා. 2025 වසරේ ජනවාරි මාසයේ සිට ජුලි මාසය අවසන් වනතුරු පැමිණිලි 662ක් ලැබී ඇති බවත් එම පැමිණිවලින් රුපියල් මිලියන 488ක මූලය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට වාර්තා වන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු ප්‍රකාශ කළේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශනය ඵ්කකය, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.