කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

Sri Lanka Police Ranil Wickremesinghe Sri Lanka Magistrate Court Sinhala news Ranil Wickremesinghe Arrested
By Ashfa Aug 26, 2025 05:13 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පොදු දේපළ අවභාවිතය චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ඇත.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ඒ පසුගිය සිකුරාදා(23) අධිකරණය හමුවේ පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට අනුකූලවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය නිර්දේශ අනුව, ඔහු අවම වශයෙන් දින තුනක් ඇඳ විවේක ගත යුතු බව වාර්තා වේ.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

කෙසේ නමුත් අද දින පැවැත්වීමට නියමිත නඩු විභාගයට කොළඹට විරෝධතාකරුවන් පැමිණිය හැකි බැවින් තත්ත්වය පාලනය කිරීමමට ආරක්ෂක විධිවිධාන තර කර ඇත.

ඒ අනුව විශේෂ කැරලි මර්දන ඒකක ඇතුළු ආරක්ෂක අංශ රාශියක් යොදාගනිමින් හා කොළඹ නගරයේ ඇතැම් මාර්ග වසා දමමින් විවිධ ස්ථානවල මාර්ග බාධක ස්ථාපිත කරමින් මෙම දැඩි ආරක්ෂාව යොදවා ඇත.

මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්

මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්

විශේෂයෙන්ම, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති බවද තොරතුරු වාර්තා වේ.එමෙන්ම අප ගගන වාර්තාකරු වාර්තා කරන ආකාරයට කොළඹ ජාතික රෝහලට හා ඒ අවට ප්‍රදේශ වලටද ආරක්ෂාව තර කර ඇත.