විදුලි බලයට මාර්ගෝපදේශ හදන්න විශේෂ කමිටුවක්

Report

ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ  අනුව 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතින් සංශෝධිත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධි විධාන අනුව, බලශක්ති පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලි බල ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම සඳහා බලශක්ති පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම, පුනර්ජනනීය බල ශක්තිය සහ බල ශක්ති සංක්‍රාන්තිය, බල ශක්ති පද්ධති සැලසුම් කිරීම, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය යන ක්ෂේත්‍රයන්හි අවම වශයෙන් වසර 15ක විශේෂඥතාවක් සහිත තැනැත්තන් 8 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් යුක්ත වන පරිදි කමිටුවක් විෂය බාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කළ යුතු වේ.

මාධ්‍යයට නව නීතියක් - කැබිනට් අනුමැතිය හිමිවේ

මාධ්‍යයට නව නීතියක් - කැබිනට් අනුමැතිය හිමිවේ

ඒ අනුව, පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විතව අදාළ කමිටුව පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී. මහාචාර්ය මොහාන් මුණසිංහ,ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක,මහාචාර්ය අරුලම්පලම් අත්‍යුතරාජා, ඉංජිනේරු ඩබ්ලිව්.ජේ.එල්. ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ආචාර්ය එච්.එම්. ගුණතිලක මහත්වරු එම කමිටු සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගුද? කෙටුම්පත දෙවනවර කියවීම හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගුද? කෙටුම්පත දෙවනවර කියවීම හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගුද? කෙටුම්පත දෙවනවර කියවීම හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගුද? කෙටුම්පත දෙවනවර කියවීම හෙට