ස්ටාලින් පුපුරයි, ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් කරන දේ පෙන්නන්නම්
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රජය සෑම පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකරන්නේ නම් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට සිදුවන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසර කිහිපයකට පෙර ආචාර්ය උපාලි සේදුරයන් නිර්දේශ කරන ලද එකක් බවයි.
එසේ තිබියදී කිසිදු පාර්ශ්වයක අදහස් විමසීමකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිගත නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
එසේම මෙම ප්‍රතිසංස්කරණ එළඹන වසරේදී 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් ඒ වෙනුවෙන් ගුරු පුහුණු වැඩසටහන් හෝ ජාතික අධ්‍යාපන ආයතනය දැනුවත් කිරීමක් සිදුකර නැති බවද ඔහු පවසයි.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද
ඒ අනුව ස්ටාලින් මහතා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විභාග ගැටලු, ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රශ්න, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගකාරීත්වය සහ කුසලතා සංවර්ධනය වැනි ප්‍රධාන ගැටලු පහකට විසඳුම් ලබාදිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
එමෙන්ම මීට පෙර කිසිදු රජයක් මෙම ගැටලුවලට විසඳුම් ලබාදී නැති බව ද පෙන්වා දුන් ඔහු නව රජය යෝජිත ප්‍රතිසංස්කරණ මගින් මෙම ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු බවද පවසා ඇත.
තවද එසේ නොවුවහොත් විශ්වවිද්‍යාල, පාසල්, ගුරු-දෙමව්පියන් සහ වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව එක්ව දැවැන්ත විරෝධතා දියත් කිරීමට සිදුවන බවටද ඔහු මෙහිදී අනතුරු අඟවා ඇති බව සඳහන්.
