කතාව නම් රටේම නායකයා වෙන්න.. ඒ වුනාට විපක්ෂ නායකකම රැකගන්නවත් පණ නෑ

Sajith Premadasa Sri Lanka Politician Sinhala news
By Hashini Jul 20, 2025 05:59 AM GMT
Hashini

Hashini

Report

විපක්ෂ නායක ධුරයේ වෙනසක් පිළිබඳ රහසිගත සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ සමගි ජන බලවේගය (SJB) ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන මැතිවරණයක් වැනි ප්‍රධාන මැතිවරණ ගණනාවකින් පරාජයට පත්ව ඇති පසුබිමකයි.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙම ධුරය ඉවත් කර විපක්ෂයේ සිටින වඩාත් ප්‍රබල මන්ත්‍රීවරයෙකුට එය ලබා දිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන්, දේශපාලන විචාරකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ බහුජන සංවිධාන නිරන්තරයෙන් යෝජනා කරනු ලබනවා.

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

සෑම පළාත් ලේකම්වරයෙක්ටම කොළඹට කැඳවීමක්

වත්මන් නායකත්වය යටතේ විපක්ෂය එහි නිසි භූමිකාව ඉටු නොකරන බවත්, බොහෝ කාලීන ගැටලුවලට නිසි ලෙස මුහුණ නොදී රජයට උපදෙස් දීම පමණක් සිදු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙය බරපතල ගැටලුකාරී තත්ත්වයක් ලෙස ඔවුන් හඳුන්වන්නේ. බොහෝ පාර්ශ්වයන් යෝජනා කරන්නේ විපක්ෂයේ කාර්යභාරය මැනවින් ඉටු කරන මන්ත්‍රීවරුන් ලෙස නාමල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර සහ වාසුදේව සමරවීර වැනි අය නම් කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවයි.

මේ අතර, විපක්ෂ නායක ධුරය වෙනත් අයෙකුට ලබා දීමේ හැකියාව සහ ඒ සඳහා ඇති නෛතික පසුබිම පිළිබඳවද මේ දිනවල ගැඹුරින් සොයා බලන බව වාර්තා වනවා.

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්

ReeCha