බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට [HILIGHT VIDEO]

Report

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ ඊයේ (06) රාත්‍රියේ පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමත් සමඟයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් රැස්කර ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රාහී ලකුණුවලට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී නොදැවී ලකුණු 48ක් රැස් කළාය. නිලක්ෂි ද සිල්වා ලකුණු 18ක් ලබා සිටියදී දැවී ගියාය.

බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම ජයත් සමඟින් ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයට එළඹෙන 11 වැනිදා එක්වීමට නියමිතය.

යෝධ කැරිබියානුවන්වරු අභිබවා ගිය දසුන්ගේ වේගවත්ම ශතකය [HILIGHT

යෝධ කැරිබියානුවන්වරු අභිබවා ගිය දසුන්ගේ වේගවත්ම ශතකය [HILIGHT

“මගේ බිරිඳත් ඔහු නිසා දුලිප් කුසලානය බලනවා” - සූර්යවංශි ගැන ශ්‍රීකාන්ත් කියූ කතාව

“මගේ බිරිඳත් ඔහු නිසා දුලිප් කුසලානය බලනවා” - සූර්යවංශි ගැන ශ්‍රීකාන්ත් කියූ කතාව