කාලෙක ඉඳලා පාතාලෙන් මරණ තර්ජන.. ඊයේ රෑ මුළු මොරටුවම සලිත කළ වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට
මොරටුව සොයිසාපුර ප්රදේශයේ අවන්හලක හිමිකරුවෙකු ඊයේ (20) දින රාත්රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය තිබුණා.
ඒ අනුව පොලීසිය පැවසුවේ ඔහුට කලක පටන් අපරාධ කල්ලියකින් මරණ තර්ජන එල්ලවී තිබූ බවයි.
ඊයේ රාත්රී 8.30ට පමණ මෙම වෙඩිතැබීම මොරටුව, සොයියාපුර ප්රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙක් ඉලක්ක කර සිදුව තිබුණා.
ඒ අනුව නාඳුනන වෙඩික්කරුවකු අවන්හල් හිමිකරු ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්රහාරයක් කිහිපයක් එල්ල කළ අතර පසුව වෙඩික්කරු ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබුණු බව වාර්තා විය.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එසේම පලායන අතරවාරයේ පිළියන්දල, සුවාරපොළ ප්රදේශයේදී මෝටර් රථයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර එහිදී රථයෙන් බැස වෙඩික්කරු අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගන්වා යතුරුපැදිය පැහැරගෙන ආ මෝටර් රථයේ රියැදුරා සමඟ පලාගොස් ඇති බව සඳහන් විය.
එසේම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු අවන්හල තුළදීම මියගොස් තිබුණු අතර ඔහු 49 හැවිරිදි ලසන්ත කුමාර නමැති අයෙක්. තවද අවන්හලෙන් ආහාර ලබාගැනීමට පැමිණි කාන්තාවක්ද වෙඩි ප්රහාරයන්ට ලක්ව තුවාල ලබා තිබුණා.
එමෙන්ම මෙම අවන්හල 2020 වසරේ මැයි 19 වැනිදා ද නාඳුනන පුද්ගලයන් පිරිසකගේ ප්රහාරයකට ලක්ව ඇති අතර ඉන් දින 9කට පසුව එනම් 2020 වසරේ මැයි 29 වැනිදා ද නාඳුනන තුවක්කුකරුවකු විසින් අදාළ අවන්හලට වෙඩි ප්රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
කරන්ට් මදිවට වතුරත් කපයි - අද සිට සිකුරාදා සවස 3 දක්වා මේ අයට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනයක්
එම පහරදීම් හා වෙඩිතැබීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇත්තේ, මේ වනවිට ඩුබායිහි ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන ඇල්ටෝ ධර්මේ හා ප්රංශයේ සැඟව සිටි කුඩු අංජුගේ පාර්ශ්වයට බවත් සඳහන්. කෙසේ වුවද අවන්හල් හිමිකරු ඝාතනය කිනම් පාර්ශ්වයක් සිදුකළේද යන්න මෙතෙක් හෙළි වී නොමැත.
එමෙන්ම වෙඩික්කරු සහ රියැදුරා පලායෑමට යොදාගත් යතුරුපැදිය කෝට්ටාව සිද්ධමුල්ල ප්රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය ඊයේ රාත්රියේ සොයා ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ක්රියාත්මක බව සඳහන්.