බිත්තරයක මිල පහලට.? - දේශීය බිත්තරයක මිල වෙනස් වුණේ මෙහෙමයි.
By Wayomi
දේශීය බිත්තරයක මිල තව මසකින් පමණ රුපියල් 38 ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබා දීමට අවස්ථාව උදාවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් පවසා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ, පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බිත්තර නිෂ්පාදනය සිදුවන බැවින් දෙසැම්බර් වනවිට බිත්තර අතිරික්තයක් ඇති වන බවයි.
එමෙන්ම මේ වනවිට මාසිකව බිත්තර ලක්ෂ 6 බැගින් නිෂ්පාදනය කරන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, බිත්තර ආනයනයට යන වියදම දේශීය බිත්තර කර්මන්තය නගා සිටුවීමට යොදවන්නේ නම් දේශීය ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.