වසර 6ක් තිස්සේ ඇඳ යට සඟවා තිබූ නොබෙදූ ලිපි 2,078ක් සමඟ තැපැල්කරුවෙකු අත්අඩංගුවට

Report

නීතිවිරෝධී මත්පැන් සොයා නිවසක් වටලනු ලැබූ හල්දුම්මුල්ල පොලිස් කණ්ඩායමකට, වසර 6ක් තිස්සේ බෙදා නොහැර ඇඳ යට සඟවා තිබූ නොබෙදූ ලිපි 2,078ක් සොයාගැනීමට හැකිවී තිබේ.

හල්දුම්මුල්ල, සොරගුනේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 42 හැවිරිදි තැපැල්කරුවෙකු විසින් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත, ඊයේ (20) පස්වරුවේ සැකකරුගේ හරංකාව ප්‍රදේශයේ පිහිටි නිවස පරික්ෂා කර ඇත.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

එහිදී කාමරයක තිබූ ඇඳක් යට තිබී සාමාන්‍ය ලිපි 2,065ක් සහ ලියාපදිංචි ලිපි 13ක් අඩංගු මෙම ලිපි මල්ල සොයාගෙන තිබේ.

සොරගුනේ, හල්දුම්මුල්ල සහ හරන්කහව ප්‍රදේශවල ජනතාවට බෙදීමට තිබූ රාජ්‍ය ආයතන ලිපි, අධිකරණ නොතීසි, රැකියා සම්මුඛ පරීක්ෂණ කැඳවීම් සහ වැදගත් නිවේදන මෙලෙස වසර හයකට අධික කාලයක් තිස්සේ නොබෙදා ඇඳ යට සඟවාගෙන සිටි බව සැකකරු පාපොච්චාරණය කර ඇත.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සිදුකළ මෙම සැකකරු අද (21) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.