මැරිලත් සැනසුමක් නැති වෙයි - මියයන රෝගීන්ට රෝහල් මෝචරියෙදි වෙන දේ - දැවැන්ත ජාවාරමක්?

Report

දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරන පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් විසින් මුදල් අය කර එම දේහය එම්බාම් කර මල්ශාලාවෙන් සිදු කරන කාර්යයන් සම්පූර්ණයෙන්ම සිදු කරන ජාවාරමක දර්ශන එම ජාවාරමට විරුද්ධ පිරිසක් විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර මාධ්‍යට නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ දික්ඔය මූලික රෝහලේදි නේවාසිකව ප්‍රතිකාර ලබා මිය යන සහ ප්‍රදේශයේ සිදු වන සියදිවි හානි කර ගැනීම්, හදිසි අනතුරුවලින් මිය යන අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමෙන් පසු එහි සේවකයන් විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර සිරුර මෘත ශරීරාගාරය වෙත යොමු කිරිමෙන් අනතුරුව එම දේහය අයිතිකරුවන් සමඟ සාකච්ඡා කර මල්ශාලාවේ අය කරන මුදලට අඩුවෙන් සිරුර එම්බාම් කර සිරුර ලස්සනට සකසා ලබා දෙන බවට පොරොන්දු වි දේහය තැම්පත් කිරිමට ඇදුම් සහ පෙට්ටිය පමණක් රැගෙන එන ලෙස එම සේවකයින් විසින් ඥාතීන්ට පවසන බවයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

කෙසේ වෙතත් දේහයක් නැවත ඥාතීන්ට භාර දිමේදි නිකුත් කර ඇති චක්‍ර ලේඛනවලට පටහැනිව දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් විසින් සිදු කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උපුලි බණ්ඩාර මහත්මියගෙන් කළ විමසුමකට ඇය පවසා ඇත්තේ, තමන් යටතේ පවතින මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ පිළිබදව විමර්ෂණයක් සිදු කිරිමට සාක්ෂි සහිතව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක, රෝහල් අධ්‍යක්ෂක සහ තමන් වෙත ඒ පිළිබඳව ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් විමර්ෂණයක් සිදු කළ හැකි බවයි.

එසේම තමන් දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වශයෙන් වැඩ භාර ගෙන දින කිහිපයක් වන බවත්, තමන් යටතේ සිටින එම සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් එය නිකුත් කර ඇති රජයේ චක්‍ර ලේඛනවලට පටහැනි බවත් පැවසූ බව සඳහන්.

සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය

සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න