ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කළමනාකරණ සහ සිල්ලර බැංකු සේවා ලබන 2026 ජූලි 31 වන දින සිට DFCC බැංකුව වෙත පැවරීමට කටයුතු යොදා ඇති බව එම බැංකුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදු කිරීමට 2026 ජූලි 31 වනදා සිට අගෝස්තු 02 වන දින තෙක් වූ සති අන්තයේ බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව සඳහන්.
එබැවින් ගනුදෙනුකරුවන්ට සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීමට, අවශ්‍ය මුදල් ආපසු ගැනීම් ඇතුළු බැංකු කටයුතු එම කාලසීමාවට පෙර සැලසුම් කරගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන්.
කෙසේ වුවද මෙම සංක්‍රාන්ති කාලසීමාව තුළ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන විමසීම් සහ සහාය ලබා දීම සඳහා තෝරාගත් DFCC බැංකු ශාඛා කිහිපයක් විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
රුපියල් බිලියන 3.7ක වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව පිළිබඳව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු අතර, බැංකුවේ අභ්‍යන්තර අරමුදල් භාවිත කරමින් මෙම අත්පත් කර ගැනීම සිදු කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම මෙම ක්‍රියාවලියත් සමඟ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සබඳතාවල හිමිකාරීත්වය ජූලි 31 වන දින පටන් DFCC බැංකුව වෙත නිල වශයෙන් පැවරෙනු ඇති බව සඳහන්.