රටේම කතාබහට ලක් වූ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය දැනුම් දෙයි

Report

අද (21) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වනුයේ මේ වන විට උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම බව සඳහන් කළා.

එසේම ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව විශ්වාසය තහවුරු කිරීම රජයේ අපේක්ෂාව බවයි.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

"ඒ ගැන සාකච්ඡාවක් හැමතැනකම පවතිනවා. මීට වසරකට කලින් පාර්ලිමේන්තුවෙත් කමිටුවක් දාලා මේ ගැන යෝජනා අරගෙන තිබුණා. එහිදීත් යෝජනා අරන් තිබුණා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන්. මේක සමාජයේ පවතින පොදු කතා බහක්. මගේ ක්ෂේත්‍රය ගත්තොත් මම දැක්කා හෙද සංගම් දෙකක් කියලා තියෙනවා හෙද නිලධාරීන්ගේ වයස වැඩි කරන්න ඕනේ කියලා. සමහර පරිපාලන නිලධාරීන්ගේ ඒ පැත්තෙන් ඉල්ලීම් ඇවිත් තියෙනවා. විවිධ ක්ෂේත්‍රවලින් මේ සම්බන්ධව ඉල්ලීම් ඇවිල්ලා තිබෙනවා සංගම් හැටියට, පුද්ගලයින් හැටියට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා මේ නඩු කටයුතු අවසන් කරලා ජනතාවට අධිකරණවලින් වන සේවය ඉහළින්ම ලබා දිය යුතුයි කියන එක. අපිට මේ මොහොතේ කළ හැකි එක කාරණයක් තමයි විනිසුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීම. ඒකට අපි කටයුතු කරමින් පවතිනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සිට අග්‍රවිනිශ්චයකාරයාගේ සිට මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධව යෝජනාවක් ඇවිත් තිබෙනවා මේකේ අවසාන පරමාර්ථය වෙන්නේ උසාවිවල ගොඩගැහිලා තිබෙන නඩු ඉක්මන් කරලා ජනතාවට පහසුවක්, සහනයක් සැලසීම සහ ජනතාවට අධිකරණය සහ නීතිය සම්බන්ධව තිබෙන විශ්වාස තහවුරු කිරීම."

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි