ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත පියවරක් - මිලියන 7100ක් වටිනා නව ව්‍යාපෘති 04ක් අද පද්ධතියට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පෙරවරුවේ දී ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදු විය.

ඒ නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින්.

මෙම ව්‍යාපෘතිය හෘද වාහිනී රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මඟින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේයි රුපියල් මිලියන 2,403 ක වියදමින් ක්‍රියාත්මක කරන බව සඳහන්.

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

එසේම අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08 කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බව සඳහන්.

එහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහඳ කතා බහක නිරත වූ අතර අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ,

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

“පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අපි මෙම ස්ථානයට පැමිණ ඔබට පොරොන්දුවක් ලබා දුන්නා හැකි ඉක්මණින් මෙම හෘද රෝග ඒකකයේ වැඩ කටයුතු ආරම්භ කරන බවට. 2028 මැයි මාසය වන විට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ඉදිකිරීම් 04කට මුල් ගල් තැබීම සිදු වෙනවා. අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කෙරෙන හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල් ගල් තැබුවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය උපකරණ සහිතව රුපියල් මිලියන 4185 ක් වටිනා ව්‍යාපෘතියක්. රුපියල් මිලියන 2403 ක් ඉදිකිරීම සඳහාත්, රුපියල් මිලියන 1782 ක් උපකරණ මිලදී ගැනීම සඳහාත් වෙන් කර තිබෙනවා. ඒ වගේම අද සවස් කාලයේදී මුලතිව් රෝහලේ තවත් රුපියල් මිලියන 600ක වියදමින් මහල් 04කින් සමන්විත වෛද්‍ය වාට්ටු ඒකකයක් ඉදිකිරීමට මුල් ගල් තබනවා. ඒවගේම අනුරාධපුර ශික්ෂණ රෝහලේ තවත් මිලියන 3,000කට වඩා වටිනාකමකින් යුත් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබනවා. ඉදිකිරීම් ලෙස ගත් විට රුපියල් මිලියන 7100ක් පමණ වටිනා ඉදිකිරීම් සහ උපකරණ සමග මිලියන 12,000ක පමණ පහසුකම් අද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් වෙනවා” යනුවෙන්.

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි