පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික පුහුණුවක් - රජයෙන් ගත් තීරණය මෙන්න
දිවයිනේ හඳුනාගෙන ඇති පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න පිරිසකට මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳ ජාතික මට්ටමේ පුහුණුවක් නොමිලේ ලබාදීමට රජය පියවර ගෙන තිබේ .
කිසිදු පෙරපාසල් ගුරුවරයෙකු අතනොහැර මෙම පුහුණුව ලබාදීම රජයේ අරමුණ බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සදහන් කරයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දායකත්වය ද ලබාගනී ජාතික පුහුණු ක්‍රමවේදයක් යටතේ අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු සූදානම් කිරීමට නියමිතව ඇත.
එක් පෙරපාසල් ගුරුවරයෙකු වෙනුවෙන් දින 10ක පුහුණු කාලයක් වෙන්කර තිබීම ද විශේෂත්වයකි. මේ වන විට පළාත් අටක පුහුණු වැඩසටහන ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ පුහුණු වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව ද මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.
පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, විධිමත් විෂයමාලාවක් හඳුන්වාදීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බව ද වෛද්‍ය නාමල් සුදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය