අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි [LIVE]

Report

අද (04) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභා කටයුතු ආරම්භ කර ඇත.

අද දිනයේ පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි මෙන්ම පරිපූරක ඇස්තමේන්තුවක් ද අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව, ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ .

අද පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.