මේ ප්‍රදේශයේ ජනතාවට සුබම සුබ ආරංචියක් - මිලියන 78.34ක වියදමින් රජයේ ආයතනයක්

Report

නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ රුපියල් මිලියන 78.34ක වියදමින් ඉදිකෙරෙන නව දෙමහල් තැපැල් පරිපාලන ගොඩනැගිල්ලට අද (05) පස්වරුවේ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් මුල්ගල් තැබිණි.

නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය සහ තැපැල් මෙහෙයුම් අංශය සඳහා ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලේ උපදේශන කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, ඉදිකිරීම් තැපැල් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් අංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

2026 වසරේ තැපැල් දෙපාර්තමේන්තුව මගින් මුල්ගල් තැබූ 8 වැනි ගොඩනැගිල්ල මෙය වන අතර, මේ වසරේ නව ගොඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 400ක් සහ තැපැල් කාර්යාල අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 600ක් වෙන්කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

මුල්ගල් තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංරක්ෂණ කටයුතු මෙන්ම යුනික් වීව් ප්‍රදේශයේ ඉදිකෙරෙන දෙමහල් සංචාරක නිවාඩු නිකේතනයේ සහ නිල නිවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කළේය.

බ්‍රිතාන්‍ය ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති ඓතිහාසික තැපැල් කාර්යාලය, නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධීක්ෂණයෙන් සංරක්ෂණය කිරීමෙන් පසු දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා වන සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.