සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

Report

පාසල් නිල ඇඳුමින් සැරසුණු ළමුන් යොදාගනිමින් සිදුකළ විරෝධතාවයක වීඩියෝ පට සහ දරුවන්ගේ ප්‍රකාශ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම කෙරෙහි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබේ.

අදාළ වීඩියෝ පට මගින් ළමා අයිතිවාසිකම් අවභාවිත කරමින් දරුවන් දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට යොමු කර ඇති බවත්, ඇතැම් මාධ්‍යවේදීන් විසින් දරුවන් ආවේගශීලී කරමින් අදහස් ලබාගෙන ඇති බවත් පෙනී යන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් බාලවයස්කාර දරුවන් අනවශ්‍ය විවේචනවලට ලක්වීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප, රූපරාමු හෝ හඬ පට ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි