රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

Report

රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවාගනු ලබන පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන විශේෂ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

ඒ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මඟින් අදාළ සහතිකය ලබාගත යුතු අතර, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් ඉම සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ සහතිකය අලුත් කර ලබාදීම අනිවාර්ය වන බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාවේදී මෙන්ම අඛණ්ඩව සේවයේ නිරත වන කාලසීමාව තුළදී ද මෙම සහතිකකරණය පවත්වාගෙන යාම රටක් ලෙස ඉදිරියට යාමේදී අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට