අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇනුමක් - පුද්ගලයකු මරුට

Report

ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (05) දහවල් සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සුරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

ජෝර්දාන මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේ, අද දහවල් 12.20ට පමණ තානාපති කාර්යාලය ඉදිරිපිටදී තියුණු ආයුධයක් යොදාගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු වන කෝප්‍රල් ජවාඩ් අලි කලෆ් අල් සලයිටා ජීවිතක්ෂයට පත් වූ බවයි.

මුදල් චක්‍රලේඛවලට පටහැනිව භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මුදල් ගෙවයි - වගකිවයුතු නිලධාරීන් නිදහස්?

මුදල් චක්‍රලේඛවලට පටහැනිව භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මුදල් ගෙවයි - වගකිවයුතු නිලධාරීන් නිදහස්?

සිද්ධිය වූ ස්ථානයට වහාම පැමිණි පොලිස් කණ්ඩායම සැකකරු මැඩපවත්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී තුවාල ලැබූ පොලිස් මුර සංචාරයේ ප්‍රධානියා රෝහල්ගත කිරීමෙන් පසු මේ වන විට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

මූලික විමර්ශනවලදී සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ අනුව ජෝර්දාන බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කර තිබේ.

සිද්ධියෙන් මියගිය කෝප්‍රල්වරයාගේ පවුලේ සාමාජිකයන්ට සහ සහෝදර නිලධාරීන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ශෝකය පළ කර සිටියි.

තානාපති විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ජෝර්දාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එරට ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.