අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ට ලොකු දඩයක්

Report

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා තමා අයථා ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වූ ඉන්ධන ලීටර් 11,320ක වටිනාකම වන රුපියල් මිලියන 1.17ක (රුපියල් 1,170,000) මුදල පියවා තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයා විසින් අදාළ මුදල මුදලින්ම ගෙවා අවසන් කර ඇති බව උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවි මහතා තහවුරු කළේය.

ගුවන් ගමන් ඇරැඹූ ගුවන් යානා 8කට බෝම්බ තර්ජන - වහාම හදිසි ගොඩබෑමක්

ගුවන් ගමන් ඇරැඹූ ගුවන් යානා 8කට බෝම්බ තර්ජන - වහාම හදිසි ගොඩබෑමක්

හිටපු ආණ්ඩුකාරවරයා මෙම ඉන්ධන තොගය භාවිත කිරීම මුදල් චක්‍රලේඛ උපදෙස්වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබූ අතර, එම මුදල අදාළ පළාත් සභාව මගින් අය කරගන්නා ලෙසත් ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් විගණකාධිපතිවරයා උපදෙස් දී තිබුණි.

කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් මේ වන විට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බැවින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න