ලාංකික මේ ජනතාවට සුබම සුබ ආරංචියක් - දකුණු කොරියාවෙන් ලංකාවට නියම චාන්ස් එකක්
මෙරට ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා දකුණු කොරියානු රජයේ පූර්ණ සහාය ලබාදීමට එරට පාර්ශ්වය මූලික එකඟතාව පළ කර තිබේ.
දකුණු කොරියාවේ බූසාන් නුවර පැවති 2026 සාගර හා ධීවර කටයුතු පිළිබඳ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා සමුළුවට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා මේ බව සඳහන් කළේය.
කොරියානු සමුද්‍රීය ආයතනය සංවිධානය කළ මෙම සමුළුව සඳහා රටවල් 11ක් නියෝජනය කරමින් නිලධාරීන් හා විශේෂඥයන් 100කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී සමුද්‍රීය කසළ අවම කරමින් මිරිස්ස වරාය ධීවර හා සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනකට කොරියානු පාර්ශ්වය මූලික එකඟතාව පළ කර ඇත.
එමෙන්ම 2028 වසර වන විට ධීවර ක්ෂේත්‍රයේ පුරෝකථන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීම, ජලජීවී වගාව, සමුද්‍රීය ජෛව ගවේෂණය සහ නීල ජෛව තාක්ෂණය යන ක්ෂේත්‍රවල කොරියානු ආයෝජන ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සලකා බලා තිබේ. KMI සහ KIOST ආයතන සමඟ පවතින සහයෝගිතාවන් හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත නව රැකියා අවස්ථා රැසක් උදාවී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.