ඇත්තටම ශිරන්ති රටින් පැන්නද? උදේ ඉඳන් රටම හොයපු පුවත පොලීසියම විස්තර කරයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇය අද (16) දින අලුයම සිංගප්පූරුව බලා පිටවගොස් තිබෙන අතර ඇයට ගුවන්තොටුපොළේදීද අදාළ දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් යළි විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එබැවින් ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එළඹෙන සැප්තැම්බර් 24 දින පැමිණෙන්නැයි තංගල්ල කාල්ටන් නිවසට දැනුම්දීමක් සිදුකළ බව පොලීසිය පවසන බව සඳහන්.

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

කෙසේ වුවද ඇය ඒ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකයි.

එමෙන්ම එම ප්‍රතිකාර ඊයේ දිනයේ අවසන් වීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටව යාමට රෝහලේ සිට කෙලින්ම ගොස් ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බව වාර්තා වේ.

එබැවින් සැප්තැම්බර් 24 දින පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට වන දැනුම්දීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එහිදී සිදුකර ඇති බව සඳහන්.

අඳාළ දැනුම්දීම රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ලිවේරා මහත්මිය භාරගෙන ඇති බව පොලීසිය පැවසූ බව සඳහන්.

පසුව සාමන්‍ය ගුවන් මගියෙකු ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි