ගුවන් හමුදාවට ඩ්‍රෝන පද්ධතියක් ගැනීමට රුපියල් මිලියන 4,261ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

Report

 ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 4,261ක මුදලක් වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව අද (05) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයෙන් අනතුරුව සම්මත විය.

ඒකාබද්ධ අරමුදලෙන්, රජයට අයත් වෙනත් ඕනෑම අරමුදලකින් හෝ රජය ලබාගන්නා ණය මුදලකින් මෙම රුපියල් 4,261,000,000.00ක මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීමට නියමිතය.

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි

කලාපීය වශයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරය මෙන්ම බෙංගාල බොක්ක සහ ඒ අවට ප්‍රදේශවල පවතින අහිතකර කාලගුණික ආපදා තත්ත්වයන්ගෙන් මතුවන තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් (ඩ්‍රෝන පද්ධතියක්) ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවෙන බව ආණ්ඩුව සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න