බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

Report

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ 'දිට්වා' සුළි කුණාටුව හා ඒ හා ඇතිවූ ගැටළු හමුවේ මාර්ග අවහිර වීමෙන් අවලංගු වූ වී ඇත. මෙම බස්රථවල ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000ක් සිටින බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව සිදුකරන ආයතනය පවසයි.

ඒ අනුව ආසන වෙන්කිරීමේ සේවය පවත්වන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමේ කාර්යභාර නිලධාරි විමල් සිරිවර්ධන මහතා සදහන් කර ඇත්තේ ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා

කාර්යභාර නිලධාරිවරයා වැඩිදුරටත් පවසන්නේ මේ සදහා 1315 අංකය හෝ 070 3110 506 අංකය අමතා වෙනත් පහසු දිනයක් ලබාගන්නා ලෙස හා ඒ සදහා කිසිදු ගාස්තු අයකිරීමක් ඒ සඳහා නොවන බවයි.

මේ වනවිට නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගය යාපනය, වලපනේ, මුතූර්, බිබිල යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බවත් සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවත් ආසන වෙන්කිරීමේ හැකියාවද පවතින බවත් ඔවුන් පවසයි.

වතුර නැද්ද බයවෙන්න එපා

වතුර නැද්ද බයවෙන්න එපා