උදව් කරන්න ආපු කොල්ලෝ ටිකට අම්බානක ගහලා - බෝට්ටුවත් හොරකම් කරන්න හදලා [VIDEO]

Report

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර අවදානම් තත්වයට උදව් කිරීමට කොළඹ පැමිණි තරුණ කණ්ඩායමකට පිරිසක් පහර දීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය තුල සංසරණය වේ.

අදාල වීඩියෝවේ සදහන් වන ආකාරයට දකුණේ බලපිටියේ සිට බෝට්ටු රැගෙන ආ තරුණ පිරිසක් අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාජ පිරිසක් යයි සැකකරමින් එහි රැඳී සිටි කණ්ඩායමක් දරුණු පහරදීමක් සිදු කර ඇත.

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

බස් වල ගමන් කරන්නන්ට සතුටු පණිවිඩයක්

මෙම වීඩියෝ පටයේ සදහන් වන ආකාරයට,

"මේ මොකද්ද වුණේ මල්ලිලා? ගෙවල් පැත්තේ බෝට්ටුවේ නැගලා ගිහින් කොහෙද කැලේකට බෑව්වා. එතැනින් බහින්න සිද්ධ වුණා. විනාඩි 15 ක් ඇතුළත බෝට්ටුව වෙන තැනකට ගෙනියන්න ඩීමෝ බට්ටෙක් එතනට ආවා. මේ කාලකන්නි කුඩු, ගංජා ගහලද ඉන්නේ? මොකක්ද මං අහන්නේ අයියේ මුන් මේ කරන්නේ? අපිට ගහගෙන ගහගෙන ගියා දැන් බේරෙන්නත් එක්ක එකම ගෑනු කෙනෙක්වත් නෑ, පිරිමි විතරයි එතන හිටියේ. ඔවුන් ඇවිත් අපෙන් පලි ගැනීමක් වගේ මේ කරන්නේ. කොහෙද ඒ කැලේ අස්සේ මල්ලිලා රිංගුවේ, කොහෙන් ආවද කියලා හිතාගන්න බෑ. බලපිටිය පැත්තේ අය තමයි මේකට මුල් වෙලා බෝට්ටුව ගෙනල්ලා තිබු‍නේ. අම්මට සිරි, එතන කට්ටියක් ඇතුළෙත් ඉන්නවා. ගාල්ලේ ඉඳන් ඊට පස්සේ අපේ කෙනා බෝට්ටුව අරං ගිය බව දැනට ඉන්න අය හොයාගෙන තිබුණා. නොයෙකුත් දේවල් වුණාට පස්සේ තමයි මේක ආරංචි වුණේ. මුලින්ම කොහොමද උඹලගෙ කට්ටිය මෙහාට ගෙන්වන්නෙ කියලා ප්‍රශ්න කරා. ලේ ගලනකම් ගැහුවට පස්සේ තමයි අපි ආවේ. ග්‍රාමසේවකට කතා කරල කියනව කිව්වා මෙතැන ආවෙ මොකටද මෙහේ කැලයක්වත්, ගෙයක්වත් නැහැ කියලා බොරු කියන්න එපා කිව්වා.
අපට වතුර උතුරා යන තැන් වලට ගිහින් මිනිසුන්ට උදව් කරන්න විතරයි ඕන වුනේ. දැන් බොරුවක් නම් කරන්නේ ඒක කියන්න කියලා කිව්වා. දස අතේ ගහනකොට ග්‍රාමසේවකට කතා කරපු කෙනෙක් නෑනේ. බෝට්ටු දාන්න පටන් ගත්තු වෙලාවේ ඉඳන් ඇති වෙන්න ගැහුවා. අපි නාට්‍යයක් රඟපානවා කියලා කිව්වා. යංතං අපි ගැලවිලා ආවා. බෝට්ටු අරන් යන්න ලොරියක් ගෙනල්ලා, තැන් තෝරලා වෙන තැනකින් බාන්න හැදුවා. බලධරයින් ලොරියක් ගෙනත් වැඩ පටන් ගත්තට අපි දන්නෑනෙ මෙතන මොකද වෙන්නේ කියලා. වීල් එක ඇතුලෙ පිරිසට බේස්බෝල් පොලුවලින් ගැහුවා. යකඩ බේස් පොලුයි, තෝ දකුණු පැත්තේ කැරෙන්නේ ද කියලා අහලා ගැහුවා. ඔබ පෙති (බෙහෙත්/මත්ද්‍රව්‍ය) ගන්න එකෙක්ද අහලා ගැහුවා.
අපි ඉන්නේ මේ ගැන හිතලා දැන් හොඳටම කළකිරිලා. වැදුණු පාරවල් එක්ක අපට අමාරුයි. පොලීසියෙන් අපේ බෝට්ටුවේ හිටපු කෙනා අල්ලලා, අපිව දාලා ගියා. අපි දැන් හිරවෙලා ඉන්නවා කියන්නේ බොරු කියලා පොලිසියෙන් කිව්වා. හරිම කැතයි. අපි බලමු මේකට නීතිය ක්‍රියාත්මක වෙන විදිය. බලමුකෝ හොයලා, ඩයල් එක (පුද්ගලයා) හොයා ගන්න ඕනේ අනිවාර්යෙන්ම අපට ගහපු එකාව"

 වීඩියෝව සදහා මෙතන ක්ලික් කරන්න

වතුර නැද්ද බයවෙන්න එපා

වතුර නැද්ද බයවෙන්න එපා