ලබන මාසයේදී රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු ආරම්භයි
වසර 10කට වරක් පැවැත්වෙන ආර්ථික සංගණනයේ කොටසක් ලෙස සිදු කෙරෙන කෘෂිකාර්මික සංගණනය ලබන මාසයේදී ආරම්භ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශමාලි කරුණාරත්න මහත්මිය පැවසුවාය.