පළාත් 7කට අති විශේෂ නිවේදනයක් - ඉදිරි දවස් තීරණාත්මකයි කාලගුණයෙන් දැනුම්දීමක්

Report

බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල හෙට දිනයේදී උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව උණුසුම් දර්ශකය යනු හුදෙක් වායුගෝලීය උෂ්ණත්වය පමණක් නොව, වාතයේ පවතින ආර්ද්‍රතාවය සමඟ එක්ව මිනිස් සිරුරට සැබවින්ම දැනෙන උණුසුම වන අතර, මෙම තත්ත්වය හමුවේ ශරීරයේ දහඩිය පිටවීම අඩාල වීමෙන් සිරුර සිසිල් වීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකිය.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙම අධික උණුසුම නිසා විජලනය, මාංශ පේශි පෙරළීම සහ දැඩි තෙහෙට්ටුව වැනි සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටිමින් එළිමහනේ සිදුකරන දැඩි වෙහෙසකාරී වැඩ සීමා කිරීමත් මෙහිදී ඉතා වැදගත් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, කිසිදු අවස්ථාවක දරුවන් හෝ සුරතල් සතුන් විවෘත ස්ථාන හෝ  වාහන තුළ තනි කර නොයෑමට වගබලා ගත යුතුය.