නගරය මිනිසුන්ට මෙන්ම සතුන්ටත් එකසේ ආරක්ෂිත සහ අයිතිය හිමි තැනක් විය යුතුයි - අගමැති හරිනි

Report

කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත අලංකාර කළ නොහැකි බවත්, නගරයක් යනු එහි ජීවත්වන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි නිදහස් ස්ථානයක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක "නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්" යටතේ ආරම්භ කෙරුණු "Life Cities" (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අවදානමක් - පුරප්පාඩු තොගයක් ගොඩ ගැහිලා

කොළඹදී පැවති මෙම උත්සවයේදී ව්‍යාපෘති සැලැස්ම විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.

එමෙන්ම, ප්‍රථම අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගරවල පළාත් පාලන නියෝජිතයින් වෙත අදාළ ව්‍යාපෘති සැලසුම් භාර දීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ මෙරට ජනගහනයෙන් 44.5%ක්ම ජීවත් වන්නේ අවිධිමත් ලෙස ව්‍යාප්ත වූ නගරවල බවයි.

ලංකාව පුරාම බෝම්බ ප්‍රහාර 6ක් - බෝම්බ යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැකයක්

ලංකාව පුරාම බෝම්බ ප්‍රහාර 6ක් - බෝම්බ යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැකයක්

මීට පෙර යම් පිරිසක් නගරයෙන් ඉවත් කරමින් නගර අලංකාර කිරීමට දැරූ උත්සාහයන්ගේ ඵලවිපාක අදටත් විඳීමට සිදුව ඇති බවත්, නගරය යනු කොන්ක්‍රීට් වනාන්තරයක් නොව සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි ස්ථානයක් විය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.